තමා අසාධාරණ ලෙස ස්ථාන මාරු කළැයි කියමින් සිංහල විෂය උගන්වන කල්‍යාණි ගුණසිංහ නම් ගුරුවරිය කොළඹ රාජකීය විද්‍යාලයයේ දෙමහල් ගොඩනැගිල්ලක් මතට නැග විරෝධතාවක් ඇරැඹුවාය.
රාජකීය විද්‍යාලයයේ පරිපාලනයට එල්ල වී ඇති චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමේ විමර්ශනයක සාක්කි දීමට පෙර දින කිසිදු හේතුවක් නොදක්වා මෙම ගුරුවරිය ඇතුළු සිව් දෙනකු ස්ථාන මාරු කළැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
ජාතික පාසල් අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීහු ද එම ස්ථානට පැමිණ සිටිති.
ගිලන් රථයක් ද පාසල් භූමියේ නවතා ඇත.