ගුරුවරිය වසර පහළොවක් හොරට උගන්නලා


කූට ලේඛන සකසා  වසර පහළොවක් තිස්සේ ගුරුවරියක ලෙස  රැකියාව කැර රුපියල් දහතුන් ලක්ෂයක් රජයට වංචා කළැයි කියන ගුරුවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

1998 දී ගම්පොළ කාන්තා ගුරු විදුහලෙන් පුහුණුව ලබා ඇති ඇය 1990-1998 දක්වා පාසල් ගණනාවකම සේවය කැර ඇත.ඇගේ පෞද්ගලික ලිපි ගොනුවේ  ඡායා පිටපත් පමණක් නිසා  ඇති වු සැකයෙන් පරීක්ෂණ ඇරැඹිණි.