ගුරුවරිය වන්දියෙන් අරමුදලක් අරඹයි


තම දියණියගේ පාසල් කොට ගවොමේ වාටිය ලිහා එය දික්කළැයි කියන සිද්ධිය මත නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මිය දණගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර එම ගුරුවරියට වන්දි ලෙස ගෙවූ තුන් ලක්ෂය ප්‍රදේශයේ අඩුආදායම් ළමයින් සදහා වන ශිෂ්‍යත්වයක් ආරම්භ කිරීමට යෙදවීමට යයි.

නඩුවේ තීන්දුව අද ලබා දෙමින් පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද නියෝග කළේ සවස දෙකට පෙර වන්දි මුදල් ගෙවන ලෙසයි. නියමිත කාලයට පෙර වන්දි මුදල් නොගෙවන්නේ නම් සිරදඩුවම් නියම වන බව ද විනිසුරු ප්‍රකාශ කළේය.

ඒ අනුව ආනන්ද සරත් කුමාර අදාළ මුදල සවස දෙකට පෙර අධිකරණයේ දී ගුරුවරියට ලබා දුන් අතර ඇය එම මුදල ලංකා ගුරු සංගමයේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ට භාර දෙමින් එය ගුරු සංගම් අරමුදලට පරිත්‍යාගයක් වශයෙන් භාර ගන්නා මෙන් ඉල්ලීමක් කළාය.

එය ප්‍රතික්ෂේප කළ ජෝසප් ස්ටාලින් මහතා එම මුදල යොදා අඩු ආදායම් ලාබී පවුල්වල දරුවන් වෙනුවෙන් අරමුදල් අරම්භ කරන ලෙස කීවේය.

ඒ අනුව එම මුදලින් අරමුදලක් ඇරැඹීමට නියමිතය.