වැල්ලම්පිටිය කොටිකාවත්තේ උපධිධාරී ගුරුවරියක විවාහ කරගෙන ඇමෙරිකාවේ පදිංචියට යන බව කියමින් ඇගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා කළැයි මාරාවිල වලිමුණිගේ ගුණරත්න අබේරත්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමේ මහතා බරපතල වැඩ සහිත දෙවසරක සිර දඩුවම් නියම කලේය.
ගුරුවරියට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙසත්, වන්දි නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත හය මාසයක සිර දඩුවම් නියම කරන බවත් මහේස්ත්‍රාත් පැවසීය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී උපාධිධාරී ගුරුවරියගේ මව සිහිසුන්ව උසාවියේ ඇද වැටුණාය.