ගුරුවරිය පැහැරගත් මිනිහා පැයෙන් අල්ලයි


අලුත්ගමට නුදුරු මහ පාරක දී මව හා පියා සමග පැමිණ සිටි පෞද්ගලික පන්ති ගුරුවරියක (25) පැහැර ගත් ගරාජ හිමියකු එම සිද්ධියෙන් මිනිත්තු 45 ක දී වැලිපැන්නේ හෝටලයක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පන්සල් ගොස්  ත්‍රිරෝද රියකින් එමින් සිටිය දී මවට හා පියාට පහර දී උපාධිධාරිනිය පැහැර ගැනීමට සුඛෝපභෝගී රියකින් පැමිණ ඇතැයි ද ඔහුගේ සහායට තිදෙනකු  ත්‍රීරෝද රියකින් පැමිණ ඇතැයි ද පොලිසිය පවසයි.

තරුණිය රෝහල් ගත කරනු ලැබ සිටියි.