නවගත්තේගම පාසල් ගුරුවරිය දණගැස්වීයැයි කියන වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට වයඹ පළාත් සභා ඡන්දයේ අපේක්ෂකයකු ලෙස සන්ධානයෙන් නාම යෝජනා දී නැත.
සන්ධාන අපේක්ෂක ලැයිස්තුවේ ඔහුගේ නම නැතැයි රජයේ ආරංචි කියයි.
දැනට රිමාන්ඩ් බාරයේ සිටි ඔහු ඇප ලබා දීමේදී නාමයෝජනා කමිටුව ඉදිරියේ පෙනී සිටියේය.
සරත් කුමාරගේ සහෝදරියකගේ පුතකුට නාමයෝජනා ලැබී ඇතැයි දැනගන්නට ඇත.