නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මියට තර්ජනය කර දණගැස්වීයැයි නීතිපති විසින් වයඹ පළාත් හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (12) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
සුසිලා හේරත් ගුරු මහත්මිය සහ ආනන්ද සරත් කුමාර මහතා මීට ටික වේලාවකට පෙර මහාධිකරණයට ආහ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද සුසිලා හේරත් ගුරුවරිය සමග මහාධිකරණයට පැමිණ සිටියේය.

