ගුරුවරිය දණ ගැස්සුවාට තවත් උද්ඝෝෂණ


නවගත්තේගම විදුහලේ ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධියට විරෝධය පළ කරමින්   කොට්ටුකච්චිය හා පුත්තලමේ පාසල් ගුරුවරු අද (18) පාසල් ඉදිරිපිටදී උද්ඝෝෂණ  පැවැත්වුහ.

 උදෑසන  තේ විවේකයේදී ආනමඩුව මධ්‍ය විද්‍යාලය ,මහඋස්සාව රත්නපාල විද්‍යාලය,පුත්තලම ජාතික පාසල හා කොට්ටුකච්චිය නවෝද්‍යා  යන පාසල් ඉදිරි පිටදී මෙම උද්ඝෝෂණ පැවැත්විණි.

  පිළියන්දල අධ්‍යාපන කලාපයේ ගුරුවරුද පිළියන්දල ඔරලෝසු කණුව අසලදී  උද්ඝෝෂණය කළහ.

ගුරුවරියට හිංසා කළැයි කියන  මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ ක්‍රියා කලාපය  හෙළා දකිමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කැරිණි.

(ඡායාරූපය ඩී හේමලතා- පන්නල ජාතික පාසල අසල)

(ඡායාරූපය බිමල් ශ්‍යාමන් ජයසිංහ-පිළියන්දල)