නවගත්තේගම පාසල් ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය දන ගැස්වීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර රුපියල් පන්දාහක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ආනමඩුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙසත්, හැම ඉරිදාවකම පොලිසියේ පෙනී සිටින ලෙසත් නියම විය.
ගුරුවරිය උසාවි පැමිණ නොසිටියාය.
වැඩිදුර විභාගය ජූලි 25ට කල් තැබිණි.