සිසුවියකට තම ජනනේන්ද්‍රිය පෙන්වූ ගුරුවරයකු යැයි කියන අයකු අල්ලා ගස් බැඳ පොලිසියට භාර දිමට දඹුල්ල 40 කණුව ගැමියෝ කටයතු කළහ. පොලිසිය පවසන්නේ මේ පුද්ගලයා යතුරුපැදියකින් යමින් කාන්තාවන් ගැවසෙන ස්ථානවල දී තම නිරුවත පෙන්වන බවට තොරතුරු ලැබී තිබුණු බවයි. ඔහුගේ ජංගම දුරකථනයේ පාසල් ශිෂ්‍යාවන්ගේ ඇතුළු අසභ්‍ය දර්ශන සියයකට අධික ප්‍රමාණයක් තිබූ බව ද පොලිසිය පවසයි. අද සවස ඔහු දඹුල්ල මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.



