ගුරුවරයකුට වැඩ බාරදී විදුහල්පති රට ගිහින්


කොළඹ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයකු එහි නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට වැඩ බාර නොදී උප ගුරුවරයකුට රාජකාරි බාර දී විදේශ ගත වී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

අධ්‍යාපන පරිපාලන හා විදුහල්පති සේවයේ නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් සිටිය දී උපගුරුවරයකුට වැඩ බාර දී විදේශ ගත වීම නීති විරෝධී බව ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කරයි.

මේ ගැන කළ විමසීමක දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ එවැනි සිද්ධියක් ගැන වාර්තා වී නැති බවයි. ඒ ගැන වහා සොයා බලන බව ද ඔහු කීවේය.