ගුරුමාරු මණ්ඩලය විසුරුවීම අත්තනෝමතික වැඩක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම අත්තනෝමතික ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ගුරුමාරු මණ්ඩල මගින් මාරු කිරීම් ක්‍රියාවලිය විධිමත් ව සිදු කෙරුණ අතර එසේ තිබියදී මාර්තු 17 වැනිදා ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයකින්  පාසල් ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැර ස්ථානමාරු නතර කර තිබෙන බව විපක්ෂ නායක වරයා කීය.

"මෙය අත්තනෝමතික ක්‍රියාවක්.හදිසියේම ගුරු මාරු නතර කිරීමෙන් ගුරුවරුන්ට බරපතළගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවී තිබෙනවායැයි විපක්ෂ නායකවරයා කීය.