
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඇතිමලේ ප්‍රදේශයේ පිහිටි පාසලක පස්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් හතරදෙනකුට නිරුවත පෙන්නූ බව කියන තිස් දෙහැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇතිමලේ පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම පාසලේ ගුරු නිවාසයක නවාතැන් ගෙන සිටින ගුරුවරියකගේ සැමියා බව ඇතිමලේ පොලිසියේ නිලධාරියෙක්ලංකාදීපයට පැවැසීය. සිසුවියන් හතර දෙනකුට නිරුවත පෙන්වා ලිංගික අතවරයක් කළේ යැයි කියමින් මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි එම පොලිස් නිලධාරියා කීය.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

