ගුරුතුමාගේ මළගමේදි විනිසුරු හඬයි


‘මා මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වී යාපනයට එන තුරු බලා සිටි තම ගුරුවරයාගේ වියෝව මට දරා ගන්න බැහැ.‘ යි යාපනය මහාධිකරණ විනිසුරු ඊ ඉලංගචේලියන් මහතා හැඬූ කඳුලෙන් පැවසීය.

යාපනය ශාන්ත ජෝන්  විද්‍යාලයයේ විශ්‍රාමික ගුරුවරයකු වූ ජීවනාදම් මහතාගේ අවමගුලට සහභාගී වෙමිනි.

‘1974 දී මා කථික තරගයකින් ජාතික මට්ටේමේ ප්‍රථමස්ථානය ලැබූ අවස්ථාවේ මට හොඳ අනාගතයක් ඇති බව ඔහු කිව්වා.

සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු මට නීතිය පැත්තෙන් යන්නැයි උපදෙස් දුන්නා. මා නීතීඥයකු වුණාට පසු විනිසුරුවරයෙක් ලෙස දකින්න කැමතියි කිව්වා. වව්නියාව විනිසුරුවරයකු ලෙස සිටිය දී යාපනය මහාධිකරණ විනිසුරු ලෙස පැමිණෙන තුරු බලා සිටින බව කිව්වා.

පසුගිය වසරේ එසේ යාපනය මහාධිකරණ විනිසුරු ලෙස පත්වී වැඩ භාරගත් පසු මා ඔහුගෙන් ආශිර්වාද ලබා ගත්තා. මා දෙවියකු මෙන් ගරු කරන මාගේ ආදරණීය ගුරුවරයා මට කිව්වා මා බලාපොරොත්තු වූ පරිදි ඔබ නීති ක්ෂේත්‍රයේ ඉහළටම ආවා. නමුත් ඔබ ඊළඟට තබන අඩිය මගේ දෑසින් දැක බලා ගන්න මා පිංකර නැහැයි කිව්වා. මා එවිට ජීවත්ව සිටින්නේ නෑ කියා මගේ ගුරුතුමා මට කිව්වා. එවන් උත්තමයකුගේ වියෝව මට දරා ගන්න බැහැ.‘ යැයි විනිසුරුවරයා හඬමින් කීවේය.