ගුරු සිත රිදවූ සිසුවා වැඳ සමාව ගනී


අනුරාධපුර නිවත්තක චේතිය විදුහල්පතිට පහරදුන් බව කියන 13 වසර ශිෂ්‍යයා විදුහල්පති හා ගුරු මණ්ඩලයට වැඳ සමාව ගත් නමුත් ඔහු පාසලෙන් අස් කළ බව විදුහල්පති කාර්යාලයය කියයි.

ඔහුගේ පියා වන ප්‍රා සභා මන්ත්‍රී සුනිල් පුෂ්පානන්ද මහතා පාසලට පැමිණ සමාව ගන්නා ලෙසට පුතාට කීවේය.

තම පුතා සම්බන්ධයෙන් පාසල ගන්නා තීරණයට එකඟ වන බව ද පුෂ්පානන්ද මහතා කියා සිටියේය.

එම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.