ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුවේ විරෝධතා පාගමනක් අද (21) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී පැවැත්විණි.
උසස්විම් කඩිනම් කරන ලෙසත්, විදුහල්පති විභාගයෙන් සමත් වී පත්වීම් ලැබුවන්ට තනතුරු දෙන ලෙසත් , අහෝසි කළ වාහන බලපත්‍ර නැවත ලබාදෙන ලෙසත් ඉල්ලමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා පාගමනින් පැමිණි බවත් පොලිසිය කියයි.
පිරිසෙන් කිහිපදෙනෙකුට ලේකම් කාර්යාලයයට ගොස් සාකච්ඡාවකට ඉඩ ලැබිණි.