ගුරු සංගමයේ පෙත්සමට ඉඩ


ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිර්ණායකයන්ට පටහැනිව එම සේවයට පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනුකළ පෙත්සමක් සලකාබැලූ අභියාචනාධිකරණය අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට මැයි 15 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියෝග කරමින් නොතිසි නිකුත් කළේය.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III වන වගන්තියට පත්වීම් ලබාදෙන නිර්ණායකයන්ට පටහැනිව රාජකාරි ආවරණය කළ නිලධාරීන් එම පන්තියට පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක් කර ඇත.