ගුරු සංගමය අවතැන් දරුවන් ගැන කියයි


 කොස්ලන්ද මීරියබැද්දේ අවතැන්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකසන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලන බව ලංකා ගුරු සංගමය කියයි.

  සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ දෙසැම්බරයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින එම ප්‍රදේශයේ සිසුනට නොකඩවා අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයිය යුතු බවයි.

ප්‍රදේශයේ ගුරුවරුන්ට ද ඒ සඳහා සහන ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලයි.