ගුරු වැටුප් ගැටලුව විසදීමට ඇමැතිගෙන් උපදෙස්


(සුජිත් හේවාජුලිගේ)

ගුරු සේවයේ මතුව ඇති වැටප් පිළිබඳ ගැටලු විසදීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් යෝජනාවක් සකස් කරන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සිය නිලධාරීන්ට උපදෙස්දී ඇත.

ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලින්ද අදහස් ගන්නා ලෙස වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ උපදෙස් දී ඇත.