ගුරු වැටුප් අද නොවේ හෙට


වෙන මාසවල විසි වැනිදා ගුරු වැටුප් ගෙවන නමුත් මේ මාසයේ ගුරු වැටුප් ගෙවීම 21 වැනි අඟහරුවාදාට නියමිත බව අධ්‍යාන දෙපාර්තමේන්තු ආරංචි කියයි.

ගිය අප්‍රේල් 10 වැනිදා ගුරු වැටුප් ගෙවූ බවත්, මෙවර වැටුප් ලබා ගැනීමට මාසයකුත් දවස් 11ක් ගත වන බවත් ගුරුවරු කියයි.

ගුරුවැටුප් ගෙවීමේ නියමිත දිනය සෑම මසකම 21 වැනිදා බව අධ්‍යාපන දෙපාර්තමේන්තු චක්‍රලේඛයේ සඳහන් වෙතත් පුරුද්දක් වශයෙන් විසි වැනිදා මෙතෙක් ගුරු වැටුප් ගෙවා ඇතැයි ද, මෙවර නියමිත දිනයේම ගෙවන්නේ 21 වැනිදිනට නියමිත වැඩ වර්ජනය කඩා කප්පල් කිරීමේ අරමුණින් බව පෙනේයැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.