බිඟුන් මේනක ගමගේ
දස වසරකට වඩා එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේදී අධ්‍යාපන අමාත්‍යංශය අනුගමනය කරන ප්‍රතිපත්තිය වැරදි බවත් මින් ඉදිරියට එය සිදුවන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සඳහන් කරමින් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට අද (1) ලිපියක් යොමු කර ඇත.
වාර්ෂික ගුරු මාරු සඳහා ඉල්ලුම් පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට ලිපියක් යොමු කර ඇතැයි ද එය ආයතන සංග්‍රහයෙන් හා ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියෙන් පැවරී ඇති බලතල ඉක්මවා යෑමක් යැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වේ.
අමාත්‍යංශ ලේකම්වරයා වසර දහයකට වඩා එකම පාසලේ ඉගැන්වූ ගුරුවරුන් අනිවාර්යෙන්ම මාරු කරන්නැයි නියෝග කිරීම නීතිවිරෝධී යැයි ද ගුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වෘත්තිය සමිති සමඟ කිසිදු සාකච්ඡාවක් නොකර මෙලෙස තීන්දු ගැනීම අත්තනෝමතික යැයි ද එහි සඳහන් වේ.
විවිධ අවශ්‍යතා මත ජාතික පාසල් අතරත් ජාතික පාසල් හා පළාත් පාසල් අතරත් ස්ථාන මාරු නිර්දේශ කිරීම ආයතන සංග්‍රහය හා ජාතික ගුරු මාරු ප්‍රතිපත්තය අනුව ප්‍රමුඛ කාර්ය වුවද අමාත්‍යංශ ලේකම්වරයා එය නොසළකා හැර ඇතැයි ද ලංකා ගුරු සේවා සංගමය සිය නිවේදනය මගින් චෝදනා කර ඇත.
මෙම ප්‍රතිපත්තියට පසුගිය වසරේදී ප්‍රමුඛතාව දීම නිසා වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අයැදුම් කළ ගුරුවරුන් බොහෝමයක් පීඩාවට පත් වී යැයි ද එමගින් සිදුවන්නේ අධ්‍යාපනයේ බිඳවැටීමක් මිස අමාත්‍යංශය පවසන ආකාරයේ සංවර්ධනයක් නොවන්නේ යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.