
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ උගන්වන ගුරුවරුන්ගේ මාරු වීම් මඳක් පසෙකට දමා සෙසු ගුරුවරුන්ගේ මාරුවීම් එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා උගන්වන ගුරුවරුන් හදිසියේ මාරු කිරීමෙන් සිසුන්ට අගතියක් වන බව ගුරුවරුන්ගේ ද අදහස වී ඇතැයි ප්‍රේමජයන්ත මහතා කීය.
සෙසු ගුරු මාරු සම්බන්ධයෙන් අප්‍රේල් 17 නිවාඩුවෙන් පසු තීරණයක් ලැබෙනු ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
ගුරු මාරු සම්බන්ධයෙන් රජය අත්තනෝමතික හෝ අනීතික ක්‍රියාවලියක් සිදු කර නැතැයිද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

