ගුරු උපදේශකවරු සත්‍යග්‍රහයක


ගුරු උපදේශකයින් සදහා නව සේවා ව්‍යාවස්ථාවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ගුරු උපදේශිකයින්ගේ සංගමය  අද (26) විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට සතයග්‍රහයක් කළේය.

ගුරු උපදේශකවරු 2000ක් පමණ ඊට සහභාගි වූහ.

උද්‍යානයේ බුදුපිළිමය ළගට රැස්වූ ගුරුඋපදේශකවරු මුලින්ම ආගම සිහිකළහ. අනතුරුව විනාඩි දහයක නිශ්ශබ්දව සිටියහ.

 ගුරු උපදේශක සංගමයේ සභාපති රෝහණ අතපත්තු මහතා මෙසේ කීවේය.

‘‘සමස්ත ලංකා ගුරු උපදේශක සංගමය අවුරුදු 17 තිස්සේ ශ්‍රි ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න උත්සහ කරමින් සිටිනවා. ඊට 2007 වසරෙදි කැබිනට් අනුමැතිය ලැබුණා. සේවා ව්‍යස්ථාව සකස් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය අපට දැනුම් දුන්නා. දැන් කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ සේවක සංඛ්‍යාව පිළිබදව අනුමැතිය ලැබෙන්න ඕනෑ. ඊළගට වැටුප් කොමිසම මගින් වැටුප් තල පිළිබදව අනුමැතිය දිය යුතුයි. රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් අනුමැතිය ලබා දෙන්න ඕනෑ. මේ සියලු කටයුතු අවසන් වු විට එය කැබිනට් මණ්ඩලය මගින් යළි අනුමත කර ගැසට් කළ පසු තමයි සමස්ත ක්‍රියාවලියම අවසන් වෙන්නේ. මේ ක්‍රියාවලිය ඉක්මන් කරන්න කියලයි අපි ඉල්ලන්නේ.‘‘

DSC_1235 DSC_1238 DSC_1241 DSC_1256 DSC_1261 DSC_1266 DSC_1272