
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පෞද්ගලික උපකාරක පන්තියක දී 14 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කරන ලදැයි කියමින්ගුරු උපදේශකවරයෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු කලාප අධ්‍යාපන කාර්යාලයක ගුරු උපදේශකවරයකු ලෙස රැකියාව කරන හතළිස් පස් හැවිරිදි විවාහක අයෙකි.
ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල අනුව ලිංගික අතවරයකට ලක්වූ යැයි කියන සිසුවිය ගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම ගුරු උපදේශකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලිංගික අතවරයකට ලක්වූ බව කියන සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවද පොලීසිය සඳහන් කරයි.
නාරම්මල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

