ගුරා හිරේ ඉඳන් කුඩු ජාවාරම මෙහෙයවයි


සිරකරුවකු සිය බිරිය හා නැන්දම්මා හවුල් කරගෙන මෙහෙයවන කුඩු ජාවාරමක ගෝලයන් දෙදෙනකු මහරගම හා ගල්කිස්සේදී කුඩු පැකට් 4000ක් සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.

කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් අට ලක්ෂයක් පමණ වෙතියි ද පොලීසිය කියයි.

බිරියත් නැන්දම්මාත් සොයා ගැනීමට නැතැයි ද පොලීසිය කියයි.