කොළඹ ඇම් ඩී ගුණසේන සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළැයි කියන කුරුණෑගල සංජීව කපිල බණ්ඩාර යළි රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
ආනන්ද ගුණසේන මහතාට හා ඔහුගේ බිරිය දේවිකාට නුගේගොඩ ඔවුන්ගේ තට්ටු නිවාසයේ සිව්වැනි මහලේදී පිහියෙන් ඇනීම නිසා දෙදෙනාම බරපතල තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබති.
අධිකරණ වෛද්‍ය වාර්තාව අනුව පැවසෙනුයේ ගුණසේන මහත්මියගේ වම් ධමනිය කැපී ඇති හෙයින් ඇගේ වම් පැත්ත අප්‍රාණික වීමට බෙහෙවින් ඉඩ ඇති බවයි.

