(විමුක්ති එස් රුද්‍රිගු)
කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාගේ 2 වැනි ඇප අයැදුම් පත්‍රය එම මහතාගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇත.
ධනුෂ්ක ගුණතිලක මහතා ඉකුත් 6 වැනිදා කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත අත් අඩංගුවට ගත් අතර එම මහතාගේ පළමු ඇප අයැදුම් පත්‍රය සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
එළඹෙන දෙසැම්බර් මස 08 වැනිදා ධනුෂ්ක ගුණතිලක මහතාගේ 2 වැනි ඇප අයැදුම් පත්‍රය නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කිරීමට නියමිතව ඇත.

