ගුටි කෑ මාධ්‍යවේදියාට බෙහෙත් ගන්නත් ඉඩ නොදේ


එප්පාවල  වීදී නාට්‍යයක තොරතුරු වාර්තා කිරීමට ගිය අද පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල්  සෝමරත්න මහතාට එප්පාව රෝහලට අද (06) උදෑසන  පැමිණි මැර පිරිසක් තර්ජනය කළහ.

රෝහලෙන් පිටවී නොගියගහොත් තමා හා තම දෙමව්පියන් මරාදමන බවට මැරයෝ තර්ජනය කළ බව ඔහු පැවසීය.

රජරට මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති අතුල බණ්ඩාර මහතා පැවසුයේ මාධ්‍යවේදීයාට ආරක්ෂාව  සපයන ලෙස අනුරාධපුර  නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක්ද කැර ඇති බවයි.

ප්‍රහාරය හෙළා දකිමින්  රජරට මාධ්‍යවේදීන්ගේ සංගමය ,සමස්ත ලංකා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව ඉරිදා (07) අනුරාධපුර බස් නැවතුම්පොළ අසලදී උද්ඝෝෂණයක් කිරීමට ද යයි.

මෙම ප්‍රහාරය  එල්ල වී ඇත්තේ රජරට ප්‍රබල දේශපාලනඥයකුගේ  ගෝල බාලයින්ගෙන් යැයි දැනගන්නට ඇත.