ගීතාට එරෙහි පෙත්සමේ ප්‍රතිවිරෝධතා ඉල්ලයි


ස්විට්සර්ලන්ත ‐ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි බව කියන ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ ගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් වන ප‍්‍රතිවිරෝධතා ඇත්නම් මාර්තු 18 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන්නැයි අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණය අද(02) පෙත්සම් කරුවන්ට නියෝග කළේය.

ගාල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ.ඩබ්ලිව්.බුවනෙක, ජේ.කේ.අමරවර්ධන ඇතුළු හතරදෙනකු විසින් පෙත්සම ගොනු කර තිබුණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක , සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.