පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හළ බවට කිසිදු ලියකියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව ඇයගේ මන්ත්‍රි ධූරයට එරෙහි රිට් පෙත්සම විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ෙජ්.සී.වැලිඅමුණ මහතා අද (26) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචානධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැළි‚.
ජේ සී .වැලිඅමුණ මහතා මෙසේ ද පැවසීය.
‘‘මෙම පෙත්සමේ පළමු වගඋත්තරකාරිය ගීතා කුමාරසිංහ මහත්මියයි. ඇය ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසියෙක්.ඒ බව සනාථ කිරීමට පෙත්සමෙහි ඇමුණුම් තිඛෙනවා.19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිලාභියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැකියි.
පළමු වගඋත්තරකාරිය පසුගිය අගෝස්තු 25 වන දින ඇය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හැරීම සඳහා ස්විට්සර්ලන්ත බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිඛෙනවා. එහෙත් එම ස්විස් බලධාරීන් ඇය එරට පුරවැසිභාවයෙන් ඉවත් කළ බවට සනාථ කරන කිසිදු ලියවිල්ලක් නැහැ.
ඒ අනුව ඇය තවමත් ද්විත්ව පුරවැසියෙක්.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 91 වගන්තීන් අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නොහැකි වූ පමණක් නොව පාර්ලිමේන්තු මැතිවරණයකට නාම යෝජනා පවා ඉදිරිපත් කළ නොහැකියි.එබැවින් ඇයගේ මන්ත්‍රී ධූරය අහිමි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 24 වැනි දිනට කල් තැබි‚.