ගීතා කුමාරසිංහ උද්ඝෝෂණයක් නවත්වයි


කරන්දෙනියේ පාරක් හදා දෙන ලෙස ඉල්ලමින් ගැමියන් මහා මාර්ග අවහිර කරමින් පැය 8 ක් තිස්සේ පැවති උද්ඝෝෂණය අද සවස 6.00 ට පමණ අවසන් විය.

පාර හදා දීමට මහා මාර්ග නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල මහතා  පොරොන්දු වු බව  ගීතා කුමාරසිංහ මහත්මිය ගැමියන්ට කීවාය.

ගීතා කුමාරසිංහ  මහත්මිය දුන් පොරොන්දුව පිළිගත් ගැමියෝ උද්ඝෝෂණය අත් හලහ.