ගීකියනකන්දෙන් ලක්ෂ 62 ඔරලෝසුව පරණ යකඩ කඩේ


හිටපු මුදල් ඇමැතිවරයකු වන රොනීද මැල් මහතාගේ බිරිය වන මල්ලිකාද මැල් මැතිනියගේ පියා වූ ලියෝ ෆනෑන්ඩු පවුලේ සමාගමකින් පාලනය වන ගීකියන කන්ද වත්තේ තිබී වසර 300ක් පමණ පැරණි, රුපියල් පනස් දෙලක්ෂයක්, වටිනා බිත්ති ඔරලෝසුවක් හා අඩි හය හමාරක් උසැති ආධාරකයක සවි කළ චිමිනිය සහිත පහනක් තොබුවන පරණ යකට බඩු කඩ දෙකකින් සොයාගත් බව පොලීසිය කියයි.

ගීකියන කන්ද බංගලාවේ දොරක් කඩා බංගලාවට ඇතුළු වී කොටසක් රනින්ද නිමවූ ඔරලෝසුව සොරා ගත් පුද්ගලයා එහ තෙබුවන පරණ යකඩ එකතුකරන්නකුට රුපියල් අට සහසකට විකුණා ඇත.

පහන ද තවත් පරණ යකඩ බඩු කඩයක තිබී සොයා ගෙන ඇත.

පරණ යකඩ බඩු මුදලාලි කෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් පොලීසිය තවත් කිහිප දෙනකු සොයයි.

රොනිද මැල් මහතා අයවැය කිහිපයක්ම සකස් කළේ තෙබුවන ගීකියනකන්ද වත්තේදීය.

ගීකියනකන්ද වත්තේ මුල් අයිතිකරු ඉංග්‍රීසි ජාතික ජෝර්ජ් එල්ෆින්ස්ටන් මහතායි.

මෙම ඔරලෝසුව බ්‍රිතාන්‍ය රජ පවුලෙන් හිටපු ඇමැති වරයාට තෑගි කරන්නට ඇතැයි ද දැනගන්නට ඇත.

1962දී ඔරලෝසුව රුපියල් හැට දෙලක්ෂයකට තක්සේරු කර ඇතැයි ද දැනගන්නට ඇත.

වතු බංගලාවේ විසිත්ත කාමරයේ මේසය උඩ ඔරලෝසුව තබා තිබිණි.

සොරකම් කරනතුරුම ඔරලෝසුව වෙලාපව පෙන්වූ බව ද දැනගන්නට ඇත.

මෙම භාණ්ඩ දෙක කොට්ඨාස අපරාධ අංශයෙන් අද තෙබුවන පොලීසියට බාර දුන්නේය.