ගීකියන කන්දේ හතරක් රිමාන්ඩ්


ගීකියන කන්ද වත්තේ සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව්දෙනා ලබන මැයි මස හය වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා නියෝග කළේය.

එලෙස රිමාන්ඩ් කැරුනේ රාසයියා මුත්තුසාමි (56), සවුන්දරාජා චන්ද්‍රෙස්කර (25), රාරත්නම් මාරදීපන් (17) සහ රවිචන්ද්‍රන් ප්‍රසන්න  (17) ය.

සොරකම සම්බන්ධයෙන් සැකපිට තවත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.