ශ්‍රී ලංකා හා පාකිස්තාන නායකයෝ පාකිස්තානයේදී අද (06) ද්වී පාර්ශවික ගිවිසුම් හයකට අත්සන් තැබුහ.
පාකිස්තාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායන් පිළිබඳ ලක්ෂමන් කදිර්ගාමර් මධ්‍යස්ථානය අතර සහයෝගීතාව, ශරීරයේ මධ්‍ය ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරන මත්ද්‍රව්‍ය හා එවැනි නිෂ්පාදන සඳහා ගන්නා රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය තහනම් කිරීම,දේශගුණික විපර්යාස හා අපාදා කළමණාකරණය ක්‍රිඩා සංවර්ධනය,පාකිස්තානය හා ශ්‍රී ලංකා නැව් සංස්ථා අතර අවබෝධය වැඩි කිරීම, දෙරටේ පරමාණුක බල ශක්ති කොමිෂන් සභා අතර සහයෝගය වැඩි දියුණු කිරීම සඳහා වන ගිවිසුම් වලට අත්සන් තැබුණේ ජනපති මෛත්‍රීපාල සිරිසේන හා නවාශ් ශරීෆ් අගමැති ඉදිරියේය.





