ගිවිසුමට අත්සන් කරති


හිටපු සෞඛ්‍ය ඇමැති හා ශ්‍රිලනිප මහ ලේකම්  විපක්ෂයේ පොදු ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට  සහාය පළ කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට විපක්ෂ නායකයෝ අද (01) කොළඹ විහාරමහාදේවි උද්‍යානයයේ එළිමහන් රංග පීඨයේදී අත්සන් කළහ.

මුලින්ම රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් කළ අතර පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පිරිවරාගත් විපක්ෂයේ නායකවරු මුලින්ම නගර ශාලව ඉදිරිපිට බුදු පිළිමය අසලට පැමිණි ආගමික වතාවත් ඉටු කළහ.

මහා සංඝරත්නය එහිදී ජය පිරිත දේශනාකර සෙත් පැතූහ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත නා හිමි -

‘අපි සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර අවබෝධයක් ඇතිවයි මේ ගිවිසුම අත්සන් කළේ. ලෝක කිසිම රට නැති ජනාධිපති පදවියක් තමයි අපේ රටේ තියෙන්නේ. මේ ජනාධිපති පදවියට හැම දේම යටයි. ඒ නිසා විශාල පරිහානියක් ඇතිවෙලා තියෙනවා.

සියලු පාර්ශ්ව වල එකඟත්වයෙන් 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 17 වැනි සංශෝධනය අහෝසි වුණා. රටම විධායකයට යටත්. පරිපාලන සේවය බිඳ වැටිලා.

ස්වාධීන කොමිෂන් සභා නැහැ. ස්වාධීන පොලිස් කොමිෂම නැහැ. පොලිසිය දේශපාලන පොලිසියක් වෙලා. මැතිවරණ කොමිසමක් නැතිව නීති කඩමින් මැතිවරණ පවත්වනවා. මොන නීතියක්වත් නෑ. සියල්ල හෝසියි.

අල්ලස් කොමිසම අක්‍රීය කරලා. ජනාධිපති කියනවා කාගෙ කාගෙත් ෆයිල් ළඟ තියෙනවා කියලා. ඒවා තියෙන්නේ එයා ගාව තියාගෙන ඉන්න නොවේ. අල්ලස් කොමිසම පැමිණිලි විභාග කරන්නේ නෑ.

උත්තරීතර නීතිය ගණිකා වෘත්තියේ යොදවලා. ජනපති නීතියට යටත් නෑ.

මරා දමා ඇති 17 වැනි සංශෝධනය යළි පණ ගැන්විය යුතුයි. ජනතාවට බදු සහන ලබා දිය යුතුයි. මේපාර අපි වෙනදා වගේ ජනාධිපති පත්කර ප්‍රේක්ෂක්යො විදියට බලාගෙන ඉන්නේ නෑ. මේවා වෙනකම් අපිත් සක්‍රීයව සිටිනවා. ‘

විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ -

‘මීට වසර 2500කට පමණ පෙර ගංගානම් ගඟ අසල ලිච්චවී රාජ්‍යයක් තිබුණා. ඔවුන් විසින් පත් කර ගැනුණු නායකයෙක් තමයි පාලනය කළේය. බුදු රජානන් වහන්සේ ඔවුනට කිව්වා (සප්ත අපරිහානීය ධර්ම) නිතර එක්රැස් වෙනවා නම්, සමගිව රැස්වී සමගිව කටයුතු කර සමගිව විසිර යනවා නම් ඒ රාජ්‍ය බොහෝ කාලයක් පවතිනවා කියා. අද එහෙම නෑ. අද තනිව රැස්වෙලා, තනිව සාකච්ඡා කර තීන්දු තීරන ගන්නේ. ඉතින් අපි එකතු වෙලා මේ පාලනය වෙනස් කරමු.‘

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා-

‘මෛත්‍රීපාල සිරිසේන මට මුලින්ම මුන ගැහුණේ වැලිකන්දෙදි. ඒ 1996 විතර. එතකොට මම වැලිකන්ද බාරව කටයුතු කළා. සිරිසේන මහත්තයා මහවැලි ඇමැති විදියට හිටියා. අපි අවුරුදු දෙකක් විතර ළඟින්ම වැඩ කටයුතු කළා.  මේ රජය පෙරළන්න නායකත්වය දෙන්න ඔහු ආවා.  සිරිසේන මහත්තයා ආණ්ඩුවෙන් එනවා කියා දැන ගත්තම මට ලොකු සතුටක් දැනුනා. මෙතුමා ආණ්ඩුවෙන් එළියට ආවට පස්සේ අදයි එකට හමුවුණේ.

මම රජයෙන් එළියට ආවේ තනිවමයි. 2010 ඉදන් අපි සටන් කළා. මේ පාලකයේ ශක්තිය උපරිමයෙන් තියන අවස්ථාවෙයි අපි මේක පටන් ගත්තේ. ඒ ගමනෙදි හිරගෙවල්වල ලගින්නත් වුණා. තාවම ඒ ගමන අපි යනවා.‘

සාධාරණ සමාජයක් සඳහාවු ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත නා හිමි ,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ,මව්බිම ජනතා විමුක්ති පෙරමුණු නායක හේමකුමාර නානයක්කාර ,එක්සත්ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග එක්සත් නායකත්ව මණ්ඩල සභාපති මන්ත්‍රී කරුජයසුරිය යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටිති.

(වීඩියෝ - සනත් ඩෙස්මන්)

 (වීඩියෝ දර්ශන - විශ්ව ගැමුණු ප්‍රියංකර)

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි සහ සංජීව නිරෝෂණ)

_DSC0416 _DSC0424 _DSC0441 _DSC0459 _DSC0468 _DSC0477 _DSC0495 _DSC0498 _DSC0508 _DSC0513 _DSC0515 _DSC0518 _DSC0525 _DSC0540 _DSC0542 _DSC0547 _DSC0550 _DSC0560 _DSC0563 _DSC0567 _DSC0572 _DSC0584 _DSC0588 _DSC0599 _DSC0609 _DSC0624

(ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර)

DSC_0700 DSC_0707 DSC_0710 DSC_0716 DSC_0729 DSCN0870

ඩික්සන් වසන්ත

DSC03730 DSC03742 DSC03750 DSC03753 DSC03757 DSC03767 DSC03772 DSC03795 DSC03803 DSC03810 DSC03815 DSC03824 DSC03836 DSC03841 DSC03845 DSC03848 DSC03850 DSC03852 DSC03854 DSC03855 DSC03862 DSC03869

(ඡායාරූප - තරිඳු ජයවර්ධන)

්‍1610847_950350171660575_2000740725393741670_n 10489772_950350274993898_4000811394913328931_n 10802036_950350391660553_8340918293742956045_n