ගිල්ක‍්‍රිස්ට්ගේ පළමු පන්දුවෙන්ම පන්ජාබ් පිලට ලකුණු 50 ක ජයක්


අයි. පී. එල්. තරගාවලියේ 69 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (18 වැනිදා) පැවති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා ලකුණු 50 ක පහසු ජයක් ලබාගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ අසාර් මහමුද් පන්දු 44 කදී ලකුණු 80 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක්ද සමගිනි. ලකුණු 24 කට මුම්බායි පිලේ කඩුලූ 2 ක් දවාගැනීමටද ඔහු සමත්විය.

ශෝන් මාර්ෂ් (63) සමග එක්වූ අසාර් මහමුද්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 148 ක සම්බන්ධතාවයක් පිහිටුවමින් තම පිලේ ලකුණු ප‍්‍රමාණය 183 ක් දක්වා ඔසවා තැබීය.

තම අවසන් අයි. පී. එල්. තරගයට කී‍්‍රඩා කළ පන්ජාබ් පිලේ නායක සහ කඩුලූ රකින කී‍්‍රඩක ඇඩම් ගිල්ක‍්‍රිස්ට්, මුම්බායි පිලේ අවසන්  ඕවරය යවා එහි පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගෙන තරගය නිමා කළේය.

ලසිත් මාලිංග  ඕවර 4 ක් යවා ලකුණු 39 ක් දෙමින් පන්ජාබ් පිලේ කඩුලූ 3 ක් දවාගත්තේය.

කිංග්ස් XI පන්ජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 183
(ශෝන් මාර්ෂ් 63, අසාර් මහමුද් 80, මනන් වෝරා නොදැවී 20, ලසිත් මාලිංග 39/3)

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 19.1 කදී සියලූ දෙනා දැවී 133
(ආදිත්‍ය ටාරේ 22, අම්බටි රයිඩු 26, රෝහිත් ශර්මා 20, කිරන් පොලාඞ් 22, රිෂි ධවාන් 14, පියුෂ් චව්ලා 20/2, අසාර් මහමුද් 24/2, සන්දීප් ශර්මා 39/2)

(*)