ගිලන් රියෙන් ගෙනා හිටපු තානාපති යළි රිමාන්ඩ්


මුදල් අවභාවිත කිරීමේ චෝදනා  මත රිමාන්ඩ් බාරයේ සිටින ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 27 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

සැකකරු අසනීප තත්ත්වයෙන් සිටින බව කියමින් පසුගිය නඩු වාරයේ අධිකරණය ඉදිරියට ගෙන ආවේ නැත. අධිකරණ නියෝග මත ඔහු අද ගිලන් රියෙන් අධිකරණ භූමියට රැගෙන එනු ලැබීය. මහේස්ත්‍රාත්වරිය ගිලන් රියට ගොස් සැකකරු පරීක්ෂා කිරීමෙන් පසු රිමාන්ඩ් දිගු කරන ලෙස නියෝග කළාය.

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර  තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය  මුදල්  අවභාවිතා  කළැයි වික්‍රමසූරිය මහතාට එරෙහිව චෝදනා නඟා තිබේ.