ගිලන් රියක් තිබුණා නම් ජිවිත 4 ක් ගොඩ


හදිසි අනතුරකදි හෝ වෙනත් රෝගාබාධයකදි  ඉක්මන් ප‍්‍රතිකාර  සඳහා රෝගීන් යොමු කළ හැකි ගිලන් රථ සේවාවක් මෙරට ක‍්‍රියාත්මක නොවීම ලොකු ප්‍රශ්නයක් බව ඉකුත් 29 වැනි දා බණ්ඩාරගම ත‍්‍රිරෝද ලොරි අනතුරින් සිව්දෙනෙකු මිය යෑමෙන් තහවුරු වන බව වැඩබලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ඉන්දියාවෙන් ගිලන් රථ ගෙන්විම පිළිබඳව විවිධ දේශපාලන කණ්ඩායම් හා ඇතැම් සෞඛ්‍ය  ඇතැම් සංගම් නඟන චෝදනා පදනම් විරහිත බවත් එම ගිලන් රථ සේවාව මේ රටේ ක‍්‍රියාත්මක කරවීමට  ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුපියල් කෝටි සියයක පරිත්‍යාගයක් ඇති බවත් ඒ අනුව මෙම ගිලන් රථ සේවාව සඳහා ඉන්දියානුවන් කිසිවෙකුත් නොයොදවන බවත් ඉන්දියාවෙන් ගෙන්වන පුහුණු කරන්නන් සිව්දෙනෙකු යටතේ ශ‍්‍රි ලාංකිකයින් 600 ගිලන් රථ සේවාව සඳහා යෙදවීමට නියමිත බවත් ජාත්‍යන්තර ප‍්‍රමිතින්ට අනුගත මෙම ගිලන් රථ සේවාවෙන්  ජාතීක ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙතියි කියන කතාව ප්‍රලාපයක් බවත් ඔහු කීවේය.

DSC_1645

DSC_1628