ඉන්දියා රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ‘සුව සැරිය‘නොමිලේ ගිලන් රථ සේවාවේ යෙදෙන කාර්ය මණ්ඩලයට සහ ගිලන් රථ වලට ආවරණයක් සහිත නිසි ස්ථානයක් බොහෝ පොලිස් ස්ථාන තුළ නොමැති බව සුව සැරිය සේවකයෝ චෝදනා කරති.
පොලිසි 170ක් පමණ ආවරණය වන පරිදි ගිලන් රථ 100ක් පමණ යොදවා තිබේ.පැය 12 මුර සේවා යටතේ හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරියෙකු සහ හදිසි ප්‍රථමාධාර පුහුණුව ලද රියදුරකු යොදවා ඇත.කාර්ය මණ්ඩලයේ සේවකයින්ට අහාර ගැනීමටවත් ස්ථානයක් නැති බව ද කියති.
නිසි ආවරණයක් නොමැති වීම නිසා ගිලන්රථ අව්වසෙහ වැස්සට අසුවී වෛද්‍ය උපකරණ වලට හානී සිදු වෙතැයි සේවකයෝ පවසති.
මේ පිළිබදව පොලිස්පති ඇතුළු බලධාරීන් දැනුවත් කළ බවත් මෙතෙක් විසදුමක් නොලැබුණ බවත් ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් විසදුමක් ලබාදීමට කටයුතු කරන බවත් අදාළ පහසුකම් සපයන ලෙස පොලිස් ස්ථාන වලට දැනුම් දී ඇති බවත් පූජිත විජේසුන්දර පොලිස්පතිවරයා පවසයි.