(සනත් ගමගේ)
හම්බන්තොට කටුවැව ප්‍රදේශයේදී ගිලන් රථ රියදුරකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා අද පස්වරුවේ හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කරාපිටිය රෝහලට මාරු කර යවා ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලීසිය කියයි.
ගිලන් රථ රියදුරා වෙනත් කාන්තාවක් සමග කටුවැව නිවසක සිටින අවස්ථාවේදී එම කාන්තාවගෙ නිත්‍යානුකුල ස්වාමිපුරුෂයා එම ස්ථානයට පැමිණ මන්නා පිහියකින් ගිලන් රථ රියදුරාට පහර දීමෙන් ඔහු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
පහරකෑමට ලක්වූ ගිලන් රථ රියදුරා හම්බන්තොට මහ රෝහලේ සේවය කරන අතර කාන්තාව ද එම රෝහලේම ටෙන්ඩර් ක්‍රමය යටතේ රෙදි පිරිසුදු කරන්නියක් ලෙස සේවය කරන බවද පොලීසිය කියයි.

