ගිරිබාව පොලිසියට එරෙහිව වීදි බසී


ගිරිබාව නිරාවිය සෝලෙ වැව මාර්ගය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලමින් ගම්වැසියන් අඟහරුවාදා පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගී වූ දස දෙනකු අත්අඩංගුවට ගත්තැයි විරෝධය පළ කරමින් ගැමියෝ දහස් ගණනක් අද පොලිසිය ඉදිරිපිට  උද්ඝෝෂණයක් කළහ.

මහා සංඝරත්නය ද ඊට එක්වූහ.

පොලිසිය ගේට්ටු වසා තිබුණු අතර දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.