2015 ට පෙර ඵලදායිතා තරඟාවලිය සඳහා ඉදිරිපත් කිරීමට පවා බැරි තත්ත්වයක තිබු ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2016 විශේෂ කුසලතා සම්මානයක් දිනා ගත්තේ ය.
ඓතිහාසික හත්ථිකුච්ඡි විහාරය ද අයත් මෙම ලේකම් කාර්යාලය දුෂ්කර ප්‍රදේශයක පිහිටියේ ය. ග්‍රාම නිලධාරීවසම් 35 කින් යුත් එහි වැඩි දෙනා ගොවියෝ ය.නියඟය,ගංවතුර,වල්අලි ව්‍යසන මෙන්ම වකුගඩු රෝගයද බහුලය.මෙවන් අපදා බහුල පෙදෙසක දිස්ත්‍රික්කයේ පහසුකම් ඇති කාර්යාල අභිබවමින් ලද ජයග්‍රහණය ගැන තමා සතුටු වන බව ආර්.එල්.ඩබ්.වීරකෝන් ප්‍රාදේශීය ලේකම්වරයා කියයි.
සම්මාන හා කුසලාන ප්‍රදානෝත්සවය වයඹ පළාත් සභා සංකීර්ණයේ දී අමරා පියසීලී වයඹ පළාත් අණ්ඩුකාරවරීය අතින් සිදුවිය.