මෙවර මාස්කන්නයේ ප‍්‍රමාණවත් වර්ෂාවක් නොලැබිම හෙතුවෙන් කවුඩුල්ල සහ ගිරිතලේ වැව්වල මාස් කන්නය ආරම්භ කිරිමට ප‍්‍රමාණවත් ජල ධාරිතාවයක් නොමැති වීම නිසා ගිරිතලේ සහ කවුඩුල්ල ගොවිජනපද තුළ වගා කටයුතු නොකර සිටිමට ගොවිහු සහ වාරිමාර්ග බලධාරිහු එකගවුහ.
මෙම හේතුමත එම ජනපදවල ගොවින්ගේ වගා බිම් මුඩුබිම් බවට පත්විම නිසා උග‍්‍ර ආහාර හිගයකට මුහුණ පා ඇත. කෙසේ නමුත් පසුගිය දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග තම කුඹුරු ඉඩම්වල අස්වැනු නෙළා ගැනිමෙන් පසු ඉතිරිවන ඉපනැල්ල සහ කුඹුරට වැටෙන වි ඇට පැළ විමෙන් පසු හටගත් ගොයම මේ වන විට අස්වැන්න ලබා ගැනිමට තරම් ප‍්‍රමාණවත් මටිටමක පවතින බවත් එයින් තරමක සහනයක් ඇතිබවත් ගොවිහු කියති.
ගිරිතලේ සහ කවුඩුල්ල ගොවින් සඳහා මෙවර මහකන්නය වැඩ කිරිමට නොහැකි වුයේ ප‍්‍රමාණවත් වැසි නොලැබිම නිසා බවත් ඒ සම්බන්ධයෙන් ගොවින්ගේ දෛනික අවශ්‍යතා සැලසුම් වර්තාවක් ජනාධිපතිට භාර දුන් බවත් පොළොන්නරු දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය. ඒ අනුව ජනපති සමග ගිරිතලේ සහ කවුඩුල්ල ගොවිහු සාකච්ඡාවක් පැවැත්වූ බවත් ඉදිරියේ දී ගොවීන්ගේ ප්‍රශ්න විසඳීමට ජනපති කටයුතු කරන බව පැවසූ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.




