ගිරවා හාම්පුතා පොලීසියට අල්ලා දෙයි


බිමතින් රිය පැදවු තම හාම්පුතා පොලිසියට හසුකර දුන් ගිරවකු පිළිබද පුවතක් ඉතාලි මාධ්‍ය  වාර්තා කරයි.

49 හැවිරිදි ජුලී එර්මොගෙ  මෝටර් රථය නැවතු පොලිසිය රථයේ ලියවිලි පරික්ෂා කළේය.

එත් සමගම මෙයා බිල යනුවෙන් හඩක් රියෙන් පොලිසියට ඇසුනි. එහෙත් රියදුරු හැර වෙනත් කිසිවෙකු එහි නොවිය.

 වැඩිදුර බෑලිමෙදි තරමක් විශාල ගිරවෙක් පමණක් රථයේ සිටියේය.

ගිරවාගේ ප්‍රකාශය සමග රියදුරුගේ ඇල්කොහොල් පරික්ෂා කළ පොලිසියට ඔහු බිමතින් සිටි බව තහවුරු විය. රියදුරු බලපත තම භාරයට ගත් පොලිසිය ගිරවගේ හාම්පුතාට විරුද්ධව බීමතින් රිය පැදවී යැයි නඩු පැවරීය.