හොරණ හා බණ්ඩාරගම රිය අනතුරු හතරකින් එක් අයකු මරුමුවට පත් වී දස දෙනකු තාවාල ලැබූ බව පොලීසිය කියයි.
මව, පියා සහ දියණිය එක් අනතුරකින් බලපතල ලෙස තුවාල ලදහ. නැතිවූ නෑයකු ගැන සාස්තරයක් ඇසීමට රත්මලානේ දේවාලයකට ගොස් මහ රෑ ගෙදර යද්දී හත් දෙනකු ගමන් කළ ත්‍රීරෝද රිය හමුදා කැබ් රියක හැපීමෙන් ඔවුහු තුවාල ලදහ.
රාත්‍රී 12ට එම ගමණ නොයන ලෙස ඔවුනට දෙවොල ළඟදී උපදෙස් දුන් බවත්, ඒ අනුව පමා වී ගිය බවත් කියති.
දෙදෙනකුගේ අතපය කපා දැමීමට සිදුවෙතියි රෝහල් ආරංචි කියයි.