ගිය රජය 350 ට දුන් පොහොර මේ රජයෙන් නොමිලේ


ගිය රජය කාලයේ හෙක්ටෙයාරයකට අවශ්යෙ පොහොර මිටි 10 ක් මිලට ගැනීමට රුපියල් 5000 ක් වියදම් කළ ගොවියාට දැන් පොහොරමිටි 10 ක් රුපියල් 25000 කට ගත හැකි බවත් එම මුදල රජයෙන් නොමිලේ ලැබෙන බවත් දුමින්ද දිසානායක මහතා කියයි.

ගොවීන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මේ දිනවල තම අමාත්‍යාංශයට චෝදනා එල්ල වන බව කී ඇමතිවරයා මෙය සිදුකරන්නේ අනාගතයේ දී අතිරික්ත අස්වනු නාස්තිය වළක්වා ගැනීම, ගොවීන්ට නව තාක්‍ෂණික දැනුම ලබාදීම ආදී අරමුණු ඇතිව නිසා එහි ප‍්‍රතිලාභ ලැබීමට අපහසුතා විඳිමින් හෝ ලියාපදිංචි වන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.