ගිනිකෙළි සැර බාලවෙයි


අමුද්‍රව්‍ය හිඟකමින් ගිනිකෙළි භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට විශාල ගැටළුවක් වි ඇතැයි ගිනිකෙළි කර්මාන්තකරුවෝ පවසති.

මෙම කර්මාන්තයේ යෙදෙන්නන් 700 ක් පමණ කිඹුලාපිටිය, මහනුවර, හල්ඔළුව ආදී ප්‍රදේශවල ද සිටින බවත් මෙම අමුද්‍රව්‍ය හිගකම ඔවුන්ගේ ආර්ථික තත්වයටද විශාල  ලෙස බලපා ඇති බවත් ඔවුහු කියති.

ළඟඑන උත්සව සමයට අවශ්‍ය ගිනිකෙළි නිෂ්පාදනය අමුද්‍රව්‍ය හිගකම නිසා නිෂ්පාදන 40% කින් පමණ අඩු වී ඇති බවද ශ්‍රි ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සභාපති සේන දයානන්ද මහතා පැවැසිය.

මාස කිහිපයක සිට පවතින අයහපත් කාලගුණ තත්වයද තම කර්මාන්තයට විශාල ගැටළුවක් වී ඇතැයි දයානන්ද මහතා කීවේය.

fire_20151222 fire_20151223 fire_20151224 fire_20151225