ගිනිඅවි බලපත් නොදුන්නාට සේනාධිපති උසාවි යයි


සීමාසහිත ඇවන්ගාඩ් ආරක්ෂක සේවා පුද්ගලික සමාගමේ ගිනි අවි සඳහා 2016 වසරට බලපත්‍ර ලබා නොදීමට එරෙහිව එම සමාගම සහ එහි සභාපති  නිශ්ශංක සේනාධිපති අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළහ.

සිය සේවා කටයුතු වලට අවශ්‍ය  ගිනි අවි 91 ක් සඳහා වන බලපත්‍ර නිකුත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කරන ලෙසද, එම බලපත්‍ර ලබා ගැනීම සඳහා වන අයදුම්පත නිර්දේශ නොකිරීමට මිරිහාන කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ගත් තීරණය අහෝසි කරන ලෙස ද  පෙත්සම්කාර සේනාධිපති මහතා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

 පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස වශයෙන් මිරිහාන ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි මහේන් ගුණසේකර , පොලිස් ස්ථානාධිපති සමන් ජයලත් , පරිපාලන අංශයේ ස්ථානාධිපති ,ඊ.එන්.පී.ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර , පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් ,ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි , කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.