ගිනි සිළුවෙන් අලි පැටියෙක් එයි


සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ  මහනුවර  කුණ්ඩසාල ආසනයේ  පරාජිත  අපේක්ෂක හා හිටපු සංවිධායක දේශිය වෛද්‍යය ඒ ජී හේරත් බංඩා  මහතා පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික සංවිධානයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී  මහ ලේකම්  තිස්ස අත්තනායක මහතාගේ අතින් අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

2013 මෙවර පළාත් සභා මැතිවරණයේදී මධ්‍යම පළාතේ කුණ්ඩසාලේ  ආසනයට ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයෙන් තරග වැදී ඔහු පරාජයට පත්විය.

පක්ෂයේ නම ප්‍රජාතන්ත්‍රවාදී වුවත් එහි නායකත්වයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක්  නොමැති  බවත් හැකි නම්  කුණ්ඩසාලේ ආසනයට ඇවිත්  සාමාජිකයින් 500 ක් කැඳවා රැස්වීමක් පවත්වන ලෙසත්  ඔහු පක්ෂ නායකත්වයට අභියෝග කළේය.