ගිනි තබාගත් අයෙක් බේරන්න ගිය පොලිස් නිලධාරීන්ටත් තුවාල


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වාලච්චෙන මාන්චෝලේ පාසැල පාරේ පිහිටි නිවසක සිරුරට ගිනි තබාගෙන සිටි බව කියන පුද්ගලයෙකු මුදා ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙත  ගිනි තබා ගත් පුද්ගලයා කඩාපැන බදා ගත් නිසා එම පොලිස් නිලධාරීන් දෙදෙනා ද පිලිස්සුම් තුවාල  ලැබූ බව වාලච්චේන පොලිසිය පවසයි.

පිළිස්සුම් තුවාල ලැබූ වාලච්චේන පොලිසියේ උප පොලිස් පරීක්ෂක වරයා සහ පොලිස් කොස්තාපල්වරයකු  සහ සිරුර සිරුරට  ගිනි තබා ගැනීම නිසා පිළිස්සුම් තුවාල ලැබූ 38 හැවිරිදි පුද්ගලයා  වාලච්චේන සහ මඩකලපුව රෝහල රෝහල්වලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙති.

මැදපෙරදිග රටක රැකියාවක නිරතව සිටින  බිරියට මුදල් එවන ලෙස ඉල්ලා බල කිරීම නිසාදෙදෙනා අතර හට ගත්තේ යැයි කියනආරවුලක් දුරදිග යෑමෙන් පසු මෙම 38 හැවිරිදි පුද්ගලයා ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.